පෞරාණික අනුරාධපුර පුද බිමේ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
- වර්ෂ එක්දහස් 1936 ජූලි මස පළමුවන දින කළුවිල සිංහල මිශ්‍ර පෝෂිත පාඨශාලාව නමින් මෙම පාඨශාලාව ආරම්භ කරන ලදී .
- මුල් ගුරුතුමා වූයේ ජේ. එස් රාජපක්ෂ මහතා විය .
- උප ගුරුවරුන් දෙදෙනෙක් වූහ .එනම් කේ ඩී සයිමන් මහතා සහ ආරියසිංහ ලීලාවතී මහත්මියයි.
- පළමු දිනයේ දී සිසුන් කිසිවෙක් පැමිණ නැත .
- 1936.07.03 දින සිසු 36 දෙනකුගේ සහබාගිත්වයෙන් නැවතත් මෙම පාසල ආරම්භ කර ඇත .
- පාසලට ඇතුළත් කළ පළමු සිසුවිය හෙට්ටිආරච්චිගේ ගමගේ ලීලාවතී නම් විය.
- ප්‍රථමයෙන් පාසලට අයිතිව තිබූ භූමි ප්‍රමාණය අක්කරයකි.
- 1951 වර්ෂයේ දී පාසලේ භූමි ප්‍රමාණයට තවත් අක්කර පහක් පවරා දෙනු ලදී.
- වර්ෂ 1962 ජනවාරි මස පළමුවන දින මෙම පාසල මහා විද්‍යාලයක් ලෙස නම් කරන ලදී.
- පාසල ආරම්භයේ දී එක් ගොඩනැගිල්ලක් පමණක් තිබුනි. ඉන්පසු කාලවලදි ගොඩනැගිලි හයක් ඉදි කරන ලදී. 1962 වර්ෂයේ දී සිසුන් හයදෙනෙකුගෙන් අ.පො.ස උසස් පෙළ පන්ති ආරම්භ කරන ලදී.
- 1964 වර්ෂයේ දී අපොස සාපෙළ විෂයයන් ට අවශ්‍ය වූ විද්‍යාගාරයක් ඉදි කිරීම සිදු කරන ලදී. එක් දහස් 1960 197දී 1970 වර්ෂයේදී 30 X40 ප්‍රමාණයේ ගුරු නිවාසයක් ඉදි කරන ලදී.තාවකාලික ගුරු නිවාසයක් ද ඒ වන විට පාසලේ තිබුනි.
- වර්ෂ එක්ර්ෂ 1985 දී පමණ වැඩ අවසන් කළ අ.පො.ස උසස් පෙලට නියමිත විද්‍යාගාරයක් ද පාසලේ තිබී ඇත.





